Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 83:2 - Sinhala Revised Old Version

2 මක්නිසාද ඔබගේ සතුරෝ කෝලාහලකෙරෙති. ඔබට වෛරවන්නෝ හිස ඒසෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 බලනු මැනව, ඔබේ විරුද්ධකරුවෝ කලබල කරන්නෝ ය. ඔබේ සතුරෝ කැරලි ගසන්නෝ ය. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 බලනු මැනව, ඔබේ විරුද්ධකරුවෝ කලබල කරන්නෝ ය. ඔබේ සතුරෝ කැරලි ගසන්නෝ ය. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 83:2
22 හුවමාරු යොමු  

ස්වාමීන්ට වෛරවන්නෝ උන්වහන්සේට යටත්වන්නෝය. නුමුත් මොවුන්ගේ කාලය සදාකල් පවත්නේය.


මෙසේ කෝලාහලයක් හටගන්නවා මිස තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බව පිලාත් දැක, වතුර ගෙන සමූහයා ඉදිරියේ අත් සෝදමින්: මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන මම නිදොස්වෙමි. නුඹලාම බලාගන්නැයි කීවේය.


ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය; නුමුත් නුඹෙන් ජයගන්ට ඔවුන්ට බැරිවන්නේය. මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.


අන්න, බොහෝ ජනසමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදුවල ඝෝෂාව මෙන් ඔව්හු ඝෝෂාකරති; ජාතීන්ගේ ගර්ජනාවක්ද ඇසෙන්නේය, බොහෝ ජලවල ගර්ජනාව මෙන් ඔව්හු ගර්ජනාකරති.


මෙසේ මිදියන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි යටත්කරනු ලැබුවාහු තමුන්ගේ ඉස් තවත් නොඑසෙවුවෝය. දේශයද ගිඩියොන්ගේ දවස්වලදී සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණේය.


නුමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබෙලිකොට ඉරාදමනවා ඇත කියා අධිපතියා භයව, හේවායන්ට කථාකොට, ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙනයන්ට අණකෙළේය.


ඔව්හු මේ වචනය දක්වා ඔහුට ඇහුම්කන්දුන්නෝය; එවිට ඔව්හු ශබ්දනගා: මෙබඳු මනුෂ්‍යයා පොළොවෙන් අහක්කරන්න. මක්නිසාද මොහු ජීවත්වෙන්ට යුතු නැතැයි කිවෝය.


එවිට මුළු නුවර කැලඹී සෙනඟ එකට දුවගන ඇවිත් පාවුල් අල්ලාගෙන මාළිගාවෙන් පිටතට ඇද්දෝය. එකෙණෙහිම දොරවල් වසනලද්දේය.


නුමුත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, අධමයන් අතරෙන් සමහර අසත්පුරුෂයන් කැඳවාගන, සමූහයක් රැස්කරවා, නුවර කලඹා යාසොන්ගේ ගේ ළඟට පැමිණ, සමූහයා වෙතට ඔවුන් පිටතට ගෙනෙන්ට තැත්කළෝය.


එවිට සමූහයා ඔවුන්ට විරුද්ධව එක්ව නැගුටුණෝය. නඩුකාරයෝද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාදමා, ඔවුන්ට කෝටුවලින් තළන්ට අණකළෝය.


මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකම නිසාද නුඹේ අහංකාර වචන මාගේ කන්වලට පැමුණුණ නිසාද නුඹේ නාසයේ මාගේ වළල්ලත් නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා, නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවායවන්නෙමි යනුයි.


නුඹ නින්දාකළෙත් අපහාසකළෙත් කාටද? නුඹ හඬ නැගුවෙත් උඩඟුවෙන් නුඹේ ඇස් එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. ඔහු ගැන ස්වාමීන්වහන්සේ කී වචනය මේය.


ස්වාමිනි, ජල ධාරාවෝ නැගුණෝය, ජල ධාරාවෝ ශබ්දනැගුවෝය; ජල ධාරාවෝ රැළ නඟිති.


ඔබගේ විරුද්ධකාරයන්ගේ ශබ්දය සිහිනැති නොකළ මැනව. ඔබට විරුද්ධව නැගිටින්නන්ගේ කෝලාහල ශබ්දය නිතර නැඟේ.


ඔබගේ එදිරිකාරයෝ ඔබගේ සභා මධ්‍යයෙහි ගර්ජනාකළෝය; ලකුණු පිණිස තමුන්ගේ කොඩි එසෙවුවෝය.


මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකම නිසාද නුඹේ අහංකාරය මගේ කන්වලට පැමුණුණ නිසාද නුඹේ නාසයේ මාගේ වළල්ලත් නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා, නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි යනුයි.


මාගේ ප්‍රශංසා භූමියවූ දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්