Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 80:19 - Sinhala Revised Old Version

19 සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 80:19
11 හුවමාරු යොමු  

දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.


බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.


ඔබගේ මෙහෙකරුවා කෙරෙහි ඔබගේ මුහුණ බැබළෙවුව මැනව. ඔබගේ කරුණාවෙන් මා ගැළෙවුව මැනව.


ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය.


සේනාවල දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.


මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.


ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; උදහසින් ඔබගේ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ පිහිට වූසේක; මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මා පහ නොකළ මැනව, අත් නොහළ මැනව.


එබැවින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.


මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. නුඹ යන සෑමතැනදීම නුඹට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.


මම ඔවුන් වෙතින් අහකට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්