Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:61 - Sinhala Revised Old Version

61 ස්වකීය ශක්තිය වහල්කමටත් ස්වකීය මහිමය එදිරිකාරයාගේ අතටත් පාවාදුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

61 එතුමාණන්ගේ බල මහිමය සහ තේජාලංකාර සලකුණ වන ගිවිසුම් කරඬුව සතුරන් අතට පත් වීමට එතුමාණෝ ඉඩ හැරිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

61 එතුමාණන්ගේ බල මහිමය සහ තේජාලංකාර සලකුණ වන ගිවිසුම් කරඬුව සතුරන් අතට පත් වීමට එතුමාණෝ ඉඩ හැරිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:61
10 හුවමාරු යොමු  

ස්වාමිනි, නැගිට ඔබගේ ශක්තියේ ගිවිසුම්-පෙට්ටිය ඇතිව, ඔබගේ නිවාඩු ස්ථානයට වැඩිය මැනව.


ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්; සදාකාලික ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක.


ඉතින්, දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ නැගිට ඔබගේ බලයේ ගිවිසුම් පෙට්ටිය සමඟ ඔබගේ නිවාසයට වැඩිය මැනව. දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ පූජකයෝ ගැළවීම පැළඳගෙන සිටිත්වා, ඔබගේ ශුද්ධවන්තයෝද යසසින් ප්‍රීතිවෙත්වා.


දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ නිසාද ඇගේ මාමණ්ඩියත් පුරුෂයාත් නිසාද ඈ: ඉශ්‍රායෙල් කෙරෙන් තේජස පහව ගියේය කියා දරුවාට ඊකාබොද් යන නම තැබුවාය.


පණිවිඩකාරයා උත්තර දෙමින්: ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය, සෙනඟ අතරේ මහත් නාස්තියක්ද වුණේය, ඔබගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මළෝය, දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණායයි කීවේය.


දාන් පුත්‍රයෝ කැපූ රූපය පිහිටුවාගත්තෝය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත්‍රවූ යොනාතාන්ද ඔහුගේ පුත්‍රයෝද රටවැසියන් වාලට ගිය දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝය.


එවිට වලාකුළ සම්මුඛවීමේ කූඩාරම වසා ගත්තේය, ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගියේය.


මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි.


ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්