Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:50 - Sinhala Revised Old Version

50 උන්වහන්සේ ස්වකීය කෝපයට මාවතක් සෑදූසේක; ඔවුන්ගේ ප්‍රාණය මරණයෙන් නොවලක්වා, ඔවුන්ගේ ජීවිතය වසංගතයට භාර කළසේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 එතුමාණෝ තම කෝපයට ඉඩ දී ඔවුන් මරණයෙන් බේරා නොගත් සේක; වසංගතයෙන් ඔවුන් වනසා ලූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 එතුමාණෝ තම කෝපයට ඉඩ දී ඔවුන් මරණයෙන් බේරා නොගත් සේක; වසංගතයෙන් ඔවුන් වනසා ලූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:50
9 හුවමාරු යොමු  

මාගේ ඇස නුඹ කෙරෙහි දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි. නුඹේ මාර්ග නුඹ පිටට පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල් දේ නුඹ මධ්‍යයෙහි වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?


එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක.


එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.


මාගේ ඇස දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි, මම නුඹේ මාර්ග ලෙස නුඹ පිටට [දඬුවම්] පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල්කම්ද නුඹ තුළට පැමිණෙනවා ඇත; පහරදෙන්නේ ස්වාමිවූ මා බව මෙසේ නුඹලා දැනගන්නවා ඇත.


එබැවින් මා ජීවත්වෙනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: නුඹේ සියලු අශික්ෂිතකම්වලින්ද නුඹේ සියලු පිළිකුල්කම්වලින්ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකළ නිසා සැබවින්ම මමත් නුඹ අඩු බවට පමුණුවන්නෙමි; මාගේ ඇස දයාව නොපෙන්වන්නේය, මමද කරුණා නොකරන්නෙමි.


ඔහු දෙවියන්වහන්සේගේ හස්තය කෙරෙන් පලායන්ට හදන නුමුත්, උන්වහන්සේ ඔහුට කරුණා නොකොට ඔහු පිටට පහර එවනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්