Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:43 - Sinhala Revised Old Version

43 මිසර දේශයේදී ස්වකීය හාස්කම් සහ ශෝවාන් කෙතේදී ආශ්චර්යයන් කළ හැටිවත් සිහි නොකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 එතුමාණන් මිසරයේ දී කළ හාස්කම් වත්, ශෝවන් මිටියාවතේ දී කළ අසිරිමත් ක්‍රියාවන්වත් ඔව්හු සිහි නොකළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 එතුමාණන් මිසරයේ දී කළ හාස්කම්වත්, ශෝවන් මිටියාවතේ දී කළ අසිරිමත් ක්‍රියාවන්වත් ඔව්හු සිහි නොකළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:43
10 හුවමාරු යොමු  

එම්බා මිසරය, නුඹ මැදට, ඵාරාවෝ සහ ඔහුගේ සියලු මෙහෙකරුවන් කෙරෙහි, උන්වහන්සේගේ ලකුණු හා හාස්කම් පැමිණවූසේක.


ඵාරාවෝද ඔහුගේ සියලු සේවකයන්ද ඔහුගේ දේශයේ මුළු සෙනඟද කෙරෙහි ලකුණු හා ආශ්චර්ය කර වදාළසේක; මක්නිසාද ඔවුන්ට විරුද්ධව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගන සිටිසේක; ඔබද අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවා ගත්සේක.


මිසරයද ඵාරාවෝද ඔහුගේ ගෙදර වාසී සියල්ලන්ද කෙරෙහි ස්වාමීන්වහන්සේ අපේ ඇස් හමුයෙහි මහත්වූ භයානකවූ ලකුණුද ආශ්චර්යද කොට,


නොහොත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී නුඹලාගේ ඇස් ඉදිරියෙහි නුඹලා උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?


මම ඵාරාවෝගේ සිත දැඩිකොට මාගේ ලකුණුද හාස්කම්ද මිසර දේශයෙහි වැඩිකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.


උන්වහන්සේ මිසර දේශයෙහි ශෝවාන් කෙතේදී ඔවුන්ගේ පියවරුන්ගේ ඇස් හමුවෙහි පුදුම දේ කළසේක.


දෙවියන්වහන්සේ කථාකොට–ඔව්හු යම් ජාතියකට වහල්වන්නෝද ඒ ජාතිය විනිශ්චයකරන්නෙමි. ඉන්පසු ඔව්හු පිටත්ව ඇවිත් මේ ස්ථානයෙහි මට මෙහෙකරන්නෝයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්