Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:35 - Sinhala Revised Old Version

35 දෙවියන්වහන්සේ තමුන්ගේ පර්වතය බවත් මහෝත්තම දෙවියන්වහන්සේ තමුන්ගේ මිදුම්කාරයාණන් බවත් ඔව්හු සිහිකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය. ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය. ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:35
19 හුවමාරු යොමු  

උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙකි, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.


පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.


ඔබවහන්සේ මුදාගත් සෙනඟ ස්වකීය කරුණාවෙන් යුක්තව ගෙනගියසේක. ඔබගේ ශුද්ධ වාසස්ථානයට ස්වකීය ශක්තියෙන් ඔවුන්ට මග පෙන්වූසේක.


උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.


එහෙත් යෙෂුරූන් තරවී පයින් ගැසීය. නුඹ තරවී ස්ථුලවී තරබාරු වූයෙහිය. එවිට ඔහු තමා සෑදූ දෙවියන්වහන්සේ අත්හැර, තමාගේ ගැළවීමේ පර්වතය සුළුකොට සිතුවේය.


නුමුත් ස්වාමීන්වහන්සේ නුඹලා බලවත් හස්තයකින් පිටතට ගෙනැවිත්, වහල්කමේ ගෙදර වන මිසරයේ රජවූ ඵාරාවෝ අතින් නුඹලා මිදුවේ උන්වහන්සේ නුඹලාට ප්‍රේමකළ නිසාත් නුඹලාගේ පියවරුන්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්ට කැමතිවූ නිසාත්ය.


නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.


ඉශ්‍රායෙල්ගේ රජද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම පළමුවෙනියාය, අන්තිමයාත් මමය; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.


ඔව්හු මිසරයේදී මහත් දේද හාම්ගේ දේශයේදී ආශ්චර්ය ක්‍රියාද


ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.


ඔව්හු උන්වහන්සේගේ හස්තයවත්, උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත්,


උන්වහන්සේ කළ දේද උන්වහන්සේ තමුන්ට දැක්වූ ආශ්චර්ය ක්‍රියාද ඔව්හු මතක නැතිකළෝය.


තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,


ඔබ පුරාණ කාලයේදී මිලේට ගත්තාවූ, ඔබගේ උරුම-ගෝත්‍රය වන පිණිස මුදාගත්තාවූ ඔබගේ සභාවද ඔබ විසූ සියොන් කන්දද සිහිකළ මැනව.


නුඹ මිසර දේශයෙහි වහලෙක්ව සිටි බවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මිදූ බවද සිහිකරන්න. එබැවින් මම අද මේ දෙය නුඹට අණකරමි.


උන්වහන්සේට යාච්ඤාකරමින්: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහන්තත්ත්වයෙන් ඔබ මුදාගත්තාවූ, බලවත් හස්තයකින් මිසරයෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟද උරුමයද විනාශනොකළ මැනව.


එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්