Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:32 - Sinhala Revised Old Version

32 මේ සියල්ල සිදුවුවත් ඔව්හු තවත් පව්කළෝය, උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා විශ්වාස නොකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 මේ සියල්ල තිබිය දී ම ඔවුහු දිගින් දිගට ම පව් කළෝ ය; එතුමාණන්ගේ විස්මිත ක්‍රියා විශ්වාස නොකළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 මේ සියල්ල තිබිය දී ම ඔවුහු දිගින් දිගට ම පව් කළෝ ය; එතුමාණන්ගේ විස්මිත ක්‍රියා විශ්වාස නොකළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:32
9 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි මෙපමණ ලකුණු දැක්වූ නුමුත් ඔව්හු උන්වහන්සේ කෙරෙහි අදහා නොගත්තෝය.


මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය, උන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය.


ආබ්‍රහම්ද: මෝසෙස්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් වචන ඔව්හු නොඅසත් නම්, යමෙක් මළවුන්ගෙන් නැගුටුණත් ඔවුන් විශ්වාසකරන්නේ නැත කියා ඔහුට කීවේයයි කීසේක.


නුමුත් ඉශ්‍රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි.


උන්වහන්සේ කළ දේද උන්වහන්සේ තමුන්ට දැක්වූ ආශ්චර්ය ක්‍රියාද ඔව්හු මතක නැතිකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්