Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:15 - Sinhala Revised Old Version

15 වනාන්තරයෙහිදී පර්වත පළා, ගැඹුරුවලින් මෙන් බොහෝකොට ඔවුන්ට වතුර බොන්ට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 පාළුකරයේ දී එතුමාණෝ පර්වතය දෙදරවා හැරිය සේක; ගැඹුරු ජලාශයකින් මෙන් ඔවුන්ට බොන්නට ජලය දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 පාළුකරයේ දී එතුමාණෝ පර්වතය දෙදරවා හැරිය සේක; ගැඹුරු ජලාශයකින් මෙන් ඔවුන්ට බොන්නට ජලය දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:15
11 හුවමාරු යොමු  

උන්වහන්සේ පර්වතය විවරකළසේක, ජලය පැනනැගී, ගංගාවක් මෙන් වියළි ස්ථානවල ගලාගියේය.


තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය.


බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියෙහි සිටිමි; නුඹ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය.


සියල්ලන්ම එම ආත්මික බීම බී බවත්, නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්‍රිස්තුස්වහන්සේය.


ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.


ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.


තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්,


උන්වහන්සේ ඔවුන් කාන්තාරය මැදින් ගෙනගිය විට ඔවුන්ට පිපාසාවුණේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්ට සැලැස්වූසේක. උන්වහන්සේ පර්වතය විවරකළ විට වතුර ගලා ආයේයයි කියන්න.


මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය.


මම මුඩු කඳු මුදුන්වල ගංගාද මිටියාවත් මැද උල්පත්ද විවරකරන්නෙමි. කාන්තාරය දිය පොකුණක්ද වියළි දේශයන් ජල උල්පත්ද කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්