Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 74:8 - Sinhala Revised Old Version

8 සහමුලින්ම ඔවුන් විනාශ කරන්නෙමුයයි ඔව්හු සිතින් කීවෝය. දේශයෙහි දෙවියන්වහන්සේගේ සිනගෝග සියල්ල පුලුස්සාදැමූය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “අපි ඔවුන් සියල්ලන් සම්පූර්ණයෙන් විනාශ කරමු”යි ඔවුන් සිතාගෙන මුළු රටෙහි දහම් හල් ගිනිබත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “අපි ඔවුන් සියල්ලන් සම්පූර්ණයෙන් විනාශ කරමු”යි ඔවුන් සිතාගෙන මුළු රටෙහි දහම් හල් ගිනිබත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 74:8
9 හුවමාරු යොමු  

ඔව්හු කථාකොට: වරෙව්, ඉශ්‍රායෙල් යන නම මතු සිහි නොවන පිණිස, ජාතියක් නොවන ලෙස ඔවුන් සිඳ දමමුයයි කියති.


තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.


බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව.


ඔහුද: නුඹ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා,


යෙරිකෝවෙහි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි උත්තර දුන්නේය.


බෙතෙල්හි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි කීය.


ඔව්හුද යූදාහි උගන්වමින්, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන යූදාහි සියලු නුවරවලට ගොස්, සෙනඟ අතරෙහි ඉගැන්නුවෝය.


ඔව්හු එක අදහසින් එක්ව මන්ත්‍රණය කළෝය; ඔබට විරුද්ධව ඔව්හු ගිවිසුමක් කෙරෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්