Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 73:17 - Sinhala Revised Old Version

17 එය මට අධික වේදනා සහිත විය; එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ශුද්ධස්ථානයට ඇතුළු වන තෙක් එය මට දුෂ්කර ගැටළුවක් විය. එහි ඇතුළු වූ පසු දුදනන්ගේ අවසන් ඉරණම මම තේරුම්ගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ශුද්ධස්ථානයට ඇතුළු වන තෙක් එය මට දුෂ්කර ගැටළුවක් විය. එහි ඇතුළු වූ පසු දුදනන්ගේ අවසන් ඉරණම මම තේරුම්ගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 73:17
12 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: අඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අයකරනු ලැබේ; එවිට නුඹ සූදානම්කරගත් දේ කාට වන්නේදැයි කීසේක.


දෙවියන්වහන්ස, ඔබගේ මාර්ගය ශුද්ධස්ථානයෙහිය. දෙවියන්වහන්සේ මෙන් උතුම් දෙවි කෙනෙක් කවුද?


ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය.


ඔබගේ ශික්ෂාද මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය.


මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි.


අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?


ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.


අභක්තිකයා කොල්ලකාගන්න නුමුත්, දෙවියන්වහන්සේ ඔහුගේ ප්‍රාණය අහක්කරගන්න විට ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද?


නුමුත් ස්වාමිනි, ඔබ සදාකල්ම උසස්ථානයෙහි වැඩසිටිනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්