Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 73:15 - Sinhala Revised Old Version

15 මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්; බලව, ඔබගේ දරුවන්ගේ පරම්පරාවට ද්‍රෝහියෙක් වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “මම මෙසේ කතා කරන්නෙමි”යි ඔවුන් මෙන් කියන්නට මට තිබුණේ ය. එසේ කෙළෙම් නම්, ඔබේ ජනතාවට ද්‍රෝහියෙකු වන්නට මට ඉඩ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “මම මෙසේ කතා කරන්නෙමි”යි ඔවුන් මෙන් කියන්නට මට තිබුණේ ය. එසේ කෙළෙම් නම්, ඔබේ ජනතාවට ද්‍රෝහියෙකු වන්නට මට ඉඩ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 73:15
10 හුවමාරු යොමු  

එහෙත් නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය; නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳදැමුවහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


කෑමෙන්වත් මුද්‍රිකපානය බීමෙන්වත් වෙන යමකින්වත් නුඹේ සහෝදරයා බාධාවට පැමිණේද, එය නොකර සිටීම හොඳය.


කෑම නිසා නුඹේ සහෝදරයා දුකට පැමිණේ නම්, නුඹ තවත් ප්‍රේමයෙන් යුක්තව හැසිරෙන්නේ නැත. යමෙකු නිසා ක්‍රිස්තුස්වහන්සේ මළසේක්ද ඔහු නුඹේ කෑමෙන් විනාශ නොකරන්න.


උන්වහන්සේ සොයන්නන්ගේ, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මුහුණ සොයන්නන්ගේ පරම්පරාව මේය.


වංශයක් උන්වහන්සේට මෙහෙකරන්නේය; මතු පරම්පරාවට ස්වාමීන් ගැන එපවත් කියනු ලබන්නේය.


ඔව්හු එහි මහත් භයින් සිටියෝය. මක්නිසාද දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාවෙහි සිටිනසේක.


මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න; මක්නිසාද මට ලැබෙන ආරංචි හොඳ නැත. නුඹලා ස්වාමීන්වහන්සේගේ සෙනඟ වරද කරන්ට සලස්වති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්