Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 7:4 - Sinhala Revised Old Version

4 මා සමඟ සමාදානයෙන් සිටිය තැනැත්තාට නපුරක් කෙළෙම් නම්; (සැබවින් නිකරුණේ මට එදිරිව සිටි තැනැත්තා මම ගැළවීමි.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම්, මට වරදක් කළ සතුරෙකු නිදහස් කර ඇරියෙම් නම්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම්, මට වරදක් කළ සතුරෙකු නිදහස් කර ඇරියෙම් නම්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 7:4
20 හුවමාරු යොමු  

ඔහු තමා සමඟ සමාදානයෙන් සිටි අයට විරුද්ධව අත් දිගුකෙළේය. තමාගේ ගිවිසුම කඩකෙළේය.


මෙසේ සාවුල්ට විරුද්ධව නැගිටින්ට දාවිත් තමාගේ මිනිසුන්ට ඉඩනෑර මේ වචනවලින් ඔවුන් නවත්වා ගත්තේය. සාවුල් ගුහාවෙන් පිටත්ව යන්ට ගියේය.


රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; එහෙත් සිත් සෝදිසිකරන්නේ ස්වාමීන්වහන්සේය.


තවද මට ඔව්හු යහපතට අයහපතද මාගේ ප්‍රේමයට වෛරයද කළෝය.


ඉතින් අද දවසේ ඔබගේ ප්‍රාණය මට උතුම්ව පෙනුණාක් මෙන් මාගේ ප්‍රාණයද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි උතුම්ව පෙනේවා, උන්වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවනසේක්වයි කීවේය.


එවිට අහිමෙලෙක් රජුට උත්තරදෙමින්: රජ්ජුරුවන්ගේ බෑනාවූ, ඔබගේ මන්ත්‍රණ සභාවට ඇතුළත්වූ, ඔබගේ ගෘහයේ ගරුතරව සිටින්නාවූ දාවිත් මෙන් ඔබගේ සියලු මෙහෙකරුවන් අතරෙන් විශ්වාසව සිටින්නේ කවුද?


දාවිත් රාමායේ තිබෙන නායොත්හි සිට පලාගොස් යොනාතාන් ළඟට පැමිණ කථාකොට: නුඹේ පියාණන් මා මරන්ට සොයන්නේ මම කුමක් කෙළම්ද? මාගේ අපරාධය කිමෙක්ද? ඔහු ඉදිරියෙහි මා කළ පාපය මොකදැයි ඇසුවේය.


ඔවුන් නුවරින් පිටත වැඩිදුර යන්ට ප්‍රථම යෝසෙප් තමන් ගබඩාකාරයාට කථාකොට: නැගිට ඒ මනුෂ්‍යයන් පසුපස්සේ යන්න; නුඹ ඔවුන් කිට්ටුකළාම: නුඹලා යහපතට අයහපත කළේ මක්නිසාද?


එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ නුඹට අනර්ඝව පෙනුණු නිසා නුඹට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.


ඔබගේ මෙහෙකරුවන්ගෙන් යමෙකු වෙත ඒක තිබී සම්බවුණොත් ඔහු නසීවා, අපිද මාගේ ස්වාමියාට දාසයෝ වන්නෙමුයයි කීවෝය.


සාවුල් වෙනුවට රජවුණාවූ නුඹ පිටට ස්වාමීන්වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ පමුණුවා, නුඹේ පුත්‍රවූ අබ්සලොම් අතට රජකම භාරදුන්සේක. ඔන්න, නුඹ විපත්තියට අසුවී ඉන්නෙහිය, මක්නිසාද නුඹ මිනිමරුවෙක්යයි කීවේය.


මාගේ අඩිය මාර්ගයෙන් අහක්ව යන්ටත්, මාගේ සිත මාගේ ඇස් අනුව යන්ටත්, මාගේ අත්වලට කිසි කිලුටක් ඇලෙන්ටත් යෙදුණා නම්,


මාගේ උරහිස ඒකේ සන්ධිස්ථානයෙන් ගැළවී වැටෙවා, මාගේ හස්තය ඒකේ වැලමිටේන් බිඳීයේවා.


නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්