Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 69:9 - Sinhala Revised Old Version

9 මක්නිසාද ඔබගේ ගෘහය සඳහා ඇති ජ්වලිතය මා දැවුවේය; ඔබට නින්දාකරන්නන්ගේ නින්දා මා පිට වැටී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 69:9
11 හුවමාරු යොමු  

මක්නිසාද: ඔබට නින්දාකළවුන්ගේ නින්දා මා පිටට පැමිණියේයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස්වහන්සේද තමන්ම සතුටුකර නොගත්සේක.


මාගේ එදිරිකාරයන් ඔබගේ වචන සිහි නැතිකළ නිසා මාගේ ජ්වලිතය මා සිඳදැම්මේය.


මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති. තම අසල්වාසීන්ට ඔහු නින්දා භූමියක්වී සිටී.


ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය.


තවද ශුද්ධවූ ගෘහයට මා විසින් සූදානම්කර තිබෙන සියල්ල හැර මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි ඇත්තාවූ මාගේ ළැදිකම නිසා මාගේම සම්පත වන රන්ද රිදීද මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දුන්නෙමි.


උන්වහන්සේ මාගේ සහෝදරයන් මා වෙතින් දුරුකළසේක, මාගේ ඇඳුනුම්කාරයෝද මාගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණෝය.


මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ මට මලපත් තබති; මට අන්තරායකරන්ට සොයන්නෝ නපුරු දේ කථාකරමින්, දවස මුළුල්ලේ ප්‍රයෝග යොදති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්