Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 69:6 - Sinhala Revised Old Version

6 සේනාවල දෙවිවූ ස්වාමිනි, ඔබ කෙරෙහි බලාසිටින්නෝ මා නිසා ලජ්ජාවට නොපැමිණෙත්වා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ සොයන්නෝ මා නිසා අගෞරවයට නොපැමිණෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නෝ මා නිසා ලජ්ජාවට පත් නොවෙත් වා! ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුනි, ඔබ සොයන්නෝ මා නිසා නින්දාවට නොපැමිණෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නෝ මා නිසා ලජ්ජාවට පත් නොවෙත් වා! ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුනි, ඔබ සොයන්නෝ මා නිසා නින්දාවට නොපැමිණෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 69:6
10 හුවමාරු යොමු  

එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්‍රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය.


ජන සමූහයෝ රැස්ව ඔබ වටකර සිටිත්වා. ඔබද ඔවුන් මතුයෙන් උසස්ථානයට නැවත වැඩිය මැනව.


රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.


ආශ්චර්ය කිරීමේ එකම කර්තෘවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.


මාගේ අන්තරායට ප්‍රියවන්නෝ එක්ව ලජ්ජාවී වියවුල්වෙත්වා. මට විරුද්ධව උඩඟුවෙන්නෝ තුමූම ලජ්ජාවෙනුත් නින්දාවෙනුත් හඳවනු ලබත්වා.


ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය–දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය.


ඔහුගේ වංශයෙන් දෙවියන්වහන්සේ පොරොන්දුවූ ලෙස ඉශ්‍රායෙල්ට යේසුස් නම් ගැළවුම්කාරයෙකු පමුණුවා දුන්සේක.


මේ ඉශ්‍රායෙල් සෙනඟගේ දෙවියන්වහන්සේ අපේ පියවරුන් තෝරාගන, මිසර දේශයෙහි විදේශීව සිටියදී සෙනඟ උසස්කොට, බලවත් බාහුවකින් ඔවුන් එයින් පිටතට ගෙනාසේක.


නුඹලා මේක කළේ මොන බලයෙන්ද නොහොත් මොන නාමයෙන්දැයි විචාළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්