Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 68:1 - Sinhala Revised Old Version

1 දෙවියන්වහන්සේ නැගිටිනසේක්වා, උන්වහන්සේගේ සතුරෝ විසිර යෙත්වා; උන්වහන්සේට වෛරවන්නෝද උන්වහන්සේ ඉදිරියෙන් පලායෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දෙවිඳාණෝ නැඟිට සතුරන් විසුරුවා හරින සේක. එතුමන්ට වෛර කරන්නෝ එතුමන් ඉදිරියෙන් පලා යන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දෙවිඳාණෝ නැඟිට සතුරන් විසුරුවා හරින සේක. එතුමාණන්ට වෛර කරන්නෝ එතුමාණෝ ඉදිරියෙන් පලා යන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 68:1
21 හුවමාරු යොමු  

තවද ගිවිසුම් පෙට්ටිය පිටත්වෙන කල මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්ස, නැගුටුණු මැනව, ඔබගේ සතුරෝ විසිරයෙත්වා; ඔබට වෛරවෙන්නෝද ඔබ ඉදිරියෙන් පලා යෙත්වයි කීවේය.


අපට උපකාර පිණිස නැගුටුණ මැනව, ඔබගේ කරුණාගුණය නිසා අප මිදුවමැනව.


රාහබ් මරනු ලැබූ කෙනෙකු මෙන් කැබලිකොට බින්දසේක; ඔබගේ බලය නමැති බාහුවෙන් ඔබගේ සතුරන් පළවා හැරියසේක.


කෝලාහල හඬට ජනයෝ පලාගියෝය; ඔබගේ උසස්වීමට ජාතීහු විසිර ගියෝය.


ඉතින්, දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ නැගිට ඔබගේ බලයේ ගිවිසුම් පෙට්ටිය සමඟ ඔබගේ නිවාසයට වැඩිය මැනව. දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ පූජකයෝ ගැළවීම පැළඳගෙන සිටිත්වා, ඔබගේ ශුද්ධවන්තයෝද යසසින් ප්‍රීතිවෙත්වා.


නළාගස් අතරෙහිවූ වල් සතාටද ගොන් සමූහයා සහ වස්සන් වැනි ජනයන්ටද තරවටුකළ මැනව; රිදී මිල සහිතව එකිනෙකා යටත්වේ; යුද්ධයට ප්‍රියවූ මනුෂ්‍ය වර්ගයන් විසරවුව මැනව.


සර්වපරාක්‍රමයාණන්වහන්සේ විසින් රජවරුන් එහි විසිරවූ කල, එය ශල්මෝන පිටට හිම වැටෙන්නාක්මෙන් විය.


අපේ පලිහවූ ස්වාමිනි, මාගේ සෙනඟට මතකනැති නොවන පිණිස, ඔවුන් නොනැසුව මැනව. ඔබගේ බලයෙන් ඔවුන් විසුරුවා පහත හෙළුව මැනව.


නුඹේ අතට නුඹේ සියලු සතුරෝද නුඹේ දකුණතට නුඹට වෛරවන්නෝද අසුවන්නෝය.


උන්වහන්සේට වෛරවන්නන් විනාශ කරන පිණිස උන්වහන්සේ ඔවුන්ගේ මුහුණු ඉදිරිපිට ඔවුන්ට ප්‍රතිඵල දෙන බවද දැනගන්න. උන්වහන්සේ තමන්ට වෛරවන්නා ගැන ප්‍රමාද නොවී ඔහුගේ මුහුණ ඉදිරිපිට ඔහුට ප්‍රතිඵල දෙනසේක.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


එකල යකඩද මැටිද පිත්තලද රිදීද රත්රන්ද එකවිටම පොඩිවී, ග්‍රීෂ්ම කාලයේ පාවරවල බොල් මෙන් වී, ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස සුළඟට ගසාගනගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී, මුළු පොළොව එයින් පිරුණේය.


ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්