Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 55:10 - Sinhala Revised Old Version

10 ඔව්හු දිවා රාත්‍රි දෙක්හි ඒකේ පවුරු පිට ඔබ මොබ යති. අයුතුකමත් අපරාධයත් එහි මැද ඇත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය; එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය; එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 55:10
16 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුවර මුළුල්ලෙහි, එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් කරන්නැයි කීසේක.


නුමුත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්ට ලැබුණේය. ඔහු මරන පිණිස ඔව්හු රෑදාවල් දොරටුවල රැකසිටියෝය.


එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඑස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය.


එබැවින් යූදස් නායක පූජකයන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද හේවා කණ්ඩායම සහ සේවකයන් ලබාගෙන, පහන්ද පන්දම්ද ආයුධද ඇතුව එතැනට ආවේය.


මක්නිසාද ඔව්හු උදුනක් සමාන සිත් ඇතුව තමුන්ගේ ප්‍රයෝගය ඉෂ්ටකිරීමට ආවෝය. ඔවුන්ගේ රොටි-සාදන්නා මුළු රාත්‍රියෙහි නිදන්නේය; උදය ගිනිදැලක් මෙන් ඇවිළෙන්නේය.


ඔව්හු සවස ආපසු එති, බල්ලෙකු මෙන් ගොරවමින්, නුවර වටකර යති.


දාවිත් ගැන රැකසිට පසුවදා උදය ඔහු මරන පිණිස සාවුල් ඔහුගේ ගේ ළඟට පණිවිඩකාරයන් යැවීය. එය දාවිත්ගේ භාර්යාවවූ මීඛල් ඔහුට දන්වා: අද රාත්‍රියේ නුඹේ ප්‍රාණය ගළවා නොගත්තොත් හෙට නුඹ මරනු ලබනවා ඇතැයි ඔහුට කීවාය.


අහිතොපෙල් කුමන්ත්‍රණකාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වනලද්දේය. එවිට දාවිත්: අහෝ, ස්වාමීන්වහන්ස, අහිතොපෙල්ගේ මන්ත්‍රණය මෝඩකමට හැරවුව මැනවයි කීවේය.


දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.


ඔබවහන්සේ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්තිකිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්