Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 53:4 - Sinhala Revised Old Version

4 ආහාර කන්නාක් මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, දෙවියන්වහන්සේට යාච්ඤා නොකරන්නාවූ, අයුතුකම් කරන්නන්ට දැනුමක් නැද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 අහරක් බුදින ලෙස මාගේ සෙනඟ කාදමන, දෙවිඳුන් නොඅයදින, අපරාධ කරන අයට කිසි ම දැනුමක් නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 අහරක් බුදින ලෙස මාගේ සෙනඟ කාදමන, දෙවිඳුන් නොඅයදින, අපරාධ කරන අයට කිසි ම දැනුමක් නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 53:4
7 හුවමාරු යොමු  

මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.


ඔබව හැඳින නොගත් ජාතීන් කෙරෙහිද ඔබගේ නාමයට යාච්ඤා නොකරන වර්ගයන් කෙරෙහිද ඔබගේ කෝපය වැගිරෙවුව මැනව. මක්නිසාද ඔව්හු යාකොබ් නාස්තිකළෝය, එසේය, ඔව්හු ඔහු නාස්තිකර නටබුන්කර, ඔහුගේ වාසස්ථානය පාළුකළෝය.


නපුරුකම්කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංසය කන පිණිස මට විරුද්ධව ආ කල පැකිල වැටුණෝය.


නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.


ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.


සෙනඟ අතරේ මෝඩයෙනි, කල්පනාකරව්. ආඥානයෙනි, නුඹලා කවදා ඥානවන්තවන්නහුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්