Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 44:23 - Sinhala Revised Old Version

23 ස්වාමිනි, පිබිදුණ මැනව, ඔබ මක්නිසා නිදනසේක්ද? නැගුටුණ මැනව, සදාකාලයටම අප පහ නොකළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 44:23
11 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේ නින්දෙන් පිබිදි අයෙකු මෙන්ද මුද්‍රික පානය බී ඝෝෂාකරන බලවන්තයෙකු මෙන්ද පිබිදිසේක.


ස්වාමිනි, ඔබගේ උදහසින් නැඟුටුණ මැනව, මාගේ එදිරිකාරයන්ගේ කෝප වේගයට විරුද්ධව සිටිය මැනව. මා උදෙසා පිබිදුණ මැනව; ඔබ විසින් විනිශ්චය නියමකර තිබේ.


දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?


මාගේ දෙවියනි, මාගේ ස්වාමිනි, මාගේ යුක්තිය පිණිස එනම් මාගේ කාරණය සඳහා පිබිද නැගුටුණ මැනව.


උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය පිට නිදාහුන්සේක. ඔව්හු උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්දැයි උන්වහන්සේට කීවෝය.


එම්බා ස්වාමීන්වහන්සේගේ හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් නුඹ නොවේද?


ස්වාමිනි, කුමට මාගේ ආත්මය ඉවතලනසේක්ද? කුමට ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා ගන්නාසේක්ද?


ස්වාමීන්වහන්සේ සදාකාලේටම පහකරනසේක්ද? තවත් කරුණා නොකරනසේක්ද?


නුමුත් ඔබ අප පහකොට අගෞරවයට පැමිණවූසේක; අපේ සේනාවන් සමඟ නොයනසේක.


දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්