Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 43:3 - Sinhala Revised Old Version

3 ඔබගේ එළියත් සැබෑකමත් එවුව මැනව; ඒවා මා ගෙනයෙත්වා. ඒවා ඔබගේ ශුද්ධවූ කන්දටත් ඔබගේ මණ්ඩපවලටත් මා පමුණුවත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන මැනව; ඒවායින් මට මඟපෙන්වීම ලැබී, ඔබේ ශුද්ධ සියොන් පව්වට ආපසු ගොස්, ඔබේ වාසභවනය වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන මැනව; ඒවායින් මට මඟපෙන්වීම ලැබී, ඔබේ ශුද්ධ සියොන් පව්වට ආපසු ගොස්, ඔබේ වාසභවනය වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 43:3
26 හුවමාරු යොමු  

මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමඟය. ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමුව.


උන්වහන්සේ තුළ ජීවනය තිබුණේය; ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය.


ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.


ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.


ධර්මිෂ්ඨයන්ට එළියත් අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය.


සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මණ්ඩප කොපමණ පියකරුද!


ස්වාමිනි, ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.


මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.


පුරාණයේ දවස්වල පටන් ඔබවහන්සේ අපේ පියවරුන්ට දිවුළාවූ සැබෑකම යාකොබ්ටත් කරුණාව ආබ්‍රහම්ටත් ඔබ ඉෂ්ටකරනසේක.


මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක; දෙවියන්වහන්සේ ස්වකීය කරුණාවත් සැබෑකමත් එවනසේක.


ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක.


එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.


නුමුත් යූදා ගෝත්‍රය, තමන් ප්‍රේමකළ සියොන් කන්ද, තෝරාගත්සේක.


ගංගාවක් ඇත, එහි දියපාරවල් මහෝත්තමයාණන්ගේ මණ්ඩපවල ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ නුවර ප්‍රීතිමත්කරයි.


මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව, ප්‍රීති ප්‍රශංසා ශබ්ද සහිතව, ඔවුන් කැටුව දේවමන්දිරයට ගිය ආකාරය සිහිකරමින්, මාගේ ආත්මය වගුරුවමි.


මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.


ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනවුත් දාවිත් විසින් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ තබා, දවන පූජාවල්ද ශාන්ති පූජාවල්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ට අණකළාවූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට, දවන පූජා පුදන පූජාසනය පිට දවන පූජා නිතරම උදය සවස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස,


ඊයේ ආවාවූ නුඹට අද එහා මෙහා අප සමඟ යන්ට සැලැස්වීම යුතුද? මම වනාහි යන්ට පුළුවන් කොතනට නුමුත් යමි. නුඹ හැරී නුඹේ සහෝදරයන් කැඳවාගන යන්න; කරුණාවත් සැබෑකමත් නුඹ සමඟ වේවයි කීවේය.


මක්නිසාද මෝසෙස් කාන්තාරයේදී සෑදූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයත් දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි උස්තැන තිබුණේය.


රජ ශාදොක්ට කථාකොට: දෙවියන්වහන්සේගේ පෙට්ටිය නැවත නුවරට ගෙනිය‍න්න. ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබුණොත් උන්වහන්සේ නැවත මා ගෙනැවිත් ඒකත් එහි වාසස්ථානයත් මට පෙන්වනවා ඇත.


මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්