Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 40:14 - Sinhala Revised Old Version

14 මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ එක්ව ලජ්ජාවෙත්වා, වියවුල්වෙත්වා. මාගේ අන්තරායට ප්‍රියවන්නෝ ආපසු හැරී අගෞරවයට පැමිණෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී, වියවුල් වෙත්වා. මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී, වියවුල් වෙත්වා. මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 40:14
16 හුවමාරු යොමු  

මාගේ අන්තරායට ප්‍රියවන්නෝ එක්ව ලජ්ජාවී වියවුල්වෙත්වා. මට විරුද්ධව උඩඟුවෙන්නෝ තුමූම ලජ්ජාවෙනුත් නින්දාවෙනුත් හඳවනු ලබත්වා.


මාගේ ප්‍රාණය සොයන්නෝ ලජ්ජාවී අගෞරවයට පැමිණෙත්වා. මට අන්තරාය යොදන්නෝ පස්සට හරවනු ලැබ වියවුල්වෙත්වා.


මාගේ ප්‍රාණයට විරුද්ධව සිටින්නෝ ලජ්ජාවටත් විනාශයටත් පැමිණෙත්වා; මට අන්තරායකරන්ට සොයන්නෝ නින්දාවෙනුත් අගෞරවයෙනුත් වැසීයෙත්වා.


ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණෝය.


ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ උන්වහන්සේ වෙතට එන්නෝය, උන්වහන්සේ කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය.


මාගේ සතුරන් ආපසු හැරෙන කල, ඔව්හු ඔබ ඉදිරියෙහි පැකිල විනාශවෙති.


නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. නුඹ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය.


බොහෝ ගොන්නු මා වටකර සිටිති. බාෂාන්හි සවි ඇති ගොන්නු මා වටලා සිටිති.


මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව.


දෙවියන්වහන්ස, මා මිදුව මැනව; ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.


මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්