Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 38:13 - Sinhala Revised Old Version

13 එහෙත් මම බිහිරෙකු මෙන් නොඅසන්නෙමි; කට නාරින ගොළුවෙකුද මෙන් වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත; ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත; ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 38:13
6 හුවමාරු යොමු  

උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක.


ඔබ එය කළ නිසා, මම ගොළුවීමි, මුඛය නොහැර සිටියෙමි.


මම නිශ්ශබ්දව ගොළුවීමි, යහපත ගැන පවා කථාවෙන් වැලකුණෙමි; එවිට මාගේ ශෝකය ඇවිස්සුණේය.


උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළසේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය භාරදුන්සේක.


දුෂ්ටයෝ මට මලපතක් තැබුවෝය; එහෙත් ඔබගේ නියෝගවලින් මුළාව නොගියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්