Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 37:20 - Sinhala Revised Old Version

20 නුමුත් දුෂ්ටයෝ විනාශවන්නෝය, ස්වාමීන්ගේ සතුරෝද ගොදුරු බිම්වල සාරවූ කොටස මෙන් වන්නෝය. ඔව්හු ක්ෂයවන්නෝය; දුම මෙන් සහමුලින්ම ක්ෂයවන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත්, දුදනෝ වැනසෙති; හිමි තුමන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති; දුම මෙන් පහවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත්, දුදනෝ වැනසෙති; හිමිතුමාණන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති; දුම මෙන් පහවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 37:20
15 හුවමාරු යොමු  

දුම් පහව යන්නාක්මෙන් ඔවුන් පහ කළ මැනව. ගිනි ඉදිරිපිට ඉටි දියවන්නාක්මෙන් දුෂ්ටයෝ දෙවියන්වහන්සේ හමුවෙහි විනාශවෙත්වා.


මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.


එසේ නොවේයයි නුඹලාට කියමි. පසුතැවිලි නූණොත් නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝය.


ස්වාමීන්වහන්ස, මෙසේ ඔබගේ සියලු සතුරෝ විනාශවෙත්වා. නුමුත් උන්වහන්සේට ප්‍රේමකරන්නෝ සූර්යයා ස්වකීය වික්‍රමයෙන් නික්ම එන්නාක් මෙන් වෙත්වයි කීවෝය. දේශයද සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණාය.


නුමුත්, අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජම්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්, මොව්හු, නොදන්නා දේට අපහාසකරමින්, අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින්, තමුන්ගේම කිලුටුකමෙන් සැබවින් විනාශවන්නෝය;


මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.


එසේ නොවේයයි නුඹලාට කියමි. නුඹලා පසුතැවිලි නූණොත්, නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක.


මක්නිසාද ස්වාමිනි, ඔබගේ සතුරෝ, එසේය, ඔබගේ සතුරෝ, විනාශවන්නෝය; අයුතුකම්කරන සියල්ලෝම විසුරුවනු ලබන්නෝය.


ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,


සොදොම සහ ගොමොරාද සමභූමියෙහි මුළු දේශයද දෙස බැලුවේය, බලව, ඒ දේශයේ ධූමය උදුනක ධූමය ලෙස නගිනවා ඔහු දුටුවේය.


පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා මිහිරි සුවඳක් පිණිස ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ. තෙල සියල්ලම ස්වාමීන්වහන්සේට අයිතිය.


නුමුත් ධර්මිෂ්ඨයෝ සතුටුවෙත්වා; දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වෙත්වා. එසේය, ඔව්හු සන්තෝෂයෙන් ප්‍රීතිවෙත්වා.


නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්