Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 35:17 - Sinhala Revised Old Version

17 ස්වාමිනි, ඔබ කොපමණ කල් බලා සිටිනසේක්ද? මාගේ ආත්මය ඔවුන් යොදන විනාශවලින්ද මාගේ ප්‍රිය ප්‍රාණය සිංහයන්ගෙන්ද මුදාගත මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සමිඳුනි, මෙය දැක දැක කොපමණ කල් ඔබ බලා සිටින සේක් ද? ඔවුන්ගේ පහරවලින් මා මිදුව මැනව; මේ රුදුරු සිංහයන්ගෙන් මා දිවි රැක දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 සමිඳුනි, මෙය දැක දැක කොපමණ කල් ඔබ බලා සිටින සේක් ද? ඔවුන්ගේ පහරවලින් මා මිදුව මැනව; මේ රුදුරු සිංහයන්ගෙන් මා දිවි රැක දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 35:17
11 හුවමාරු යොමු  

නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ, හිංසාව බලාසිටින්ට නොහැකිවූ ඔබවහන්සේ ද්‍රෝහීන් දෙස බලාසිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්තිකරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත්,


ස්වාමිනි, ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද? ඔබගේ උදහස කොපමණ කල් ගිනි මෙන් ඇවිළෙනේද?


මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.


ඔබ එය දුටුසේක; මක්නිසාද ස්වකීය හස්තයෙන් විපාකදෙන පිණිස ඔබ නපුරුකම සහ වෛරය දෙස බලනසේක. අසරණ තැනැත්තේ ඔබට භාරවෙයි; ඔබ පියා නැත්තාගේ උපකාරකාරයාණෝ වූසේක.


මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්