Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 35:10 - Sinhala Revised Old Version

10 ස්වාමීන්, දුප්පතා ඔහුට වඩා බල වන්තයාගෙන් මුදන්නාවූ, දුප්පතා හා දිළිඳා කොල්ලකාරයාගෙන් ගළවන්නාවූ ඔබ සමාන කවරේදැයි මාගේ ඇට සියල්ලෙන් කියවෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මාගේ මුළු සිතින් මෙපවත් මම පවසන්නෙමි: “ඔබ වැනි උතුමෙක් මුළු ලොව ඇද් ද? ප්‍රබලයන්ගෙන් දුබලයන් රක්නා, පීඩාකරුන්ගෙන් දිළිඳුන් රැකගන්න වෙන උතුමෙක් තවත් ඇද් ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මාගේ මුළු සිතින් මෙපවත් මම පවසන්නෙමි: “ඔබ වැනි උතුමෙක් මුළු ලොව ඇද් ද? ප්‍රබලයන්ගෙන් දුබලයන් රක්නා, පීඩාකරුන්ගෙන් දිළිඳුන් රැකගන්න වෙන උතුමෙක් තවත් ඇද් ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 35:10
31 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ පීඩිතයාගේ කාරණයත් දිළිඳාගේ යුක්තියත් ඉෂ්ටකරන බව දනිමි.


ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?


මක්නිසාද දිළිඳාගේ ආත්මය විනිශ්චය කරන්නන්ගෙන් ගළවන පිණිස උන්වහන්සේ ඔහුගේ දකුණතින් සිටිනසේක.


ස්වාමිනි, දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත; ඔබගේ ක්‍රියාවන්ට සමානවූ ක්‍රියාද නැත.


දෙවියන්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය; මහත් දේවල් කළාවූ දෙවියන්වහන්ස, ඔබට සමාන කවුද?


ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව.


උන්වහන්සේ මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද මා මුදාගත්සේක, මක්නිසාද ඔව්හු මට වඩා බලසම්පන්න වූය. ‍


ඔබගේ උදහස නිසා මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත; මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සැපයක් නැත.


උන්වහන්සේ ඔහුගේ ඇට සියල්ල ආරක්ෂාකරනසේක. එයින් එකක්වත් නොබිඳේ.


මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය.


මම වතුර මෙන් වැගිරයෙමි, මාගේ ඇට සියල්ල අවසන්ධිවේ. මාගේ සිත ඉටි මෙන් වේ; එය මා තුළෙහි උණුවී තිබේ.


ඔබ එය දුටුසේක; මක්නිසාද ස්වකීය හස්තයෙන් විපාකදෙන පිණිස ඔබ නපුරුකම සහ වෛරය දෙස බලනසේක. අසරණ තැනැත්තේ ඔබට භාරවෙයි; ඔබ පියා නැත්තාගේ උපකාරකාරයාණෝ වූසේක.


ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක.


එහෙයින් නුඹලා දෙවියන්වහන්සේ කාට සමකරන්නහුද? නොහොත් කොයි රූපාකාරයක් උන්වහන්සේට සමානකරන්නහුද?


මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ දිළිඳුන්ට කන්දෙනසේක, තමන් හිරකාරයන් සුළුකොට නොසිතනසේක.


දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.


මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක.


මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක; ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක; ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක.


ජාතීන්ගේ රජ්ජුරුවන්වහන්ස, ඔබට භය නොවන්නේ කවරෙක්ද? මක්නිසාද භයවිය යුත්තේ ඔබටය. කුමක්හෙයින්ද ජාතීන්ගේ සියලු ප්‍රඥාවන්තයන් අතරේද ඔවුන්ගේ සියලුම රාජශ්‍රීයෙහිද ඔබට සමානවූ කිසිවෙක් නැත.


මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද උන්වහන්සේ මා මුදාගත්සේක; මක්නිසාද ඔව්හු මට වඩා බලවත් වූය.


දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.


ස්වාමීන්වහන්සේ පීඩා විඳින සියල්ලන් උදෙසා ධර්මිෂ්ඨ ක්‍රියා හා යුක්තිය ඉෂ්ටකරනසේක.


සැබවින් ධර්මිෂ්ඨයෝ ඔබගේ නාමයට ස්තුතිකරන්නෝය. අවංකයෝ ඔබ ඉදිරියෙහි වාසයකරන්නෝය.


උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක; උන්වහන්සේ බඩගිනිවූවන්ට කෑම දෙනසේක. ස්වාමීන්වහන්සේ හිරකාරයන් මුදනසේක.


ස්වාමීන්වහන්සේට ගී කියන්න, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න. මක්නිසාද උන්වහන්සේ දිළින්දාගේ ප්‍රාණය නපුරකරන්නන්ගේ අතින් නිදහස් කළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්