Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 31:23 - Sinhala Revised Old Version

23 ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රේමකරව්. ස්වාමීන්වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂාකරනසේක, උඩඟුලෙස ක්‍රියාකරන්නාට බොහෝසෙයින් ප්‍රතිඵලදෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සමිඳුන්ගේ සියලු සැදැහැවතුනි, එතුමන්ට ප්‍රේම කරන්න; හිමි තුමාණෝ සැදැහැවතුන් රක්නා සේක; උඩඟුකම් කරන්නවුන්ට විපුල ප්‍රතිවිපාක දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 සමිඳුන්ගේ සියලු සැදැහැවතුනි, එතුමාණන්ට ප්‍රේම කරන්න; හිමිතුමාණෝ සැදැහැවතුන් රක්නා සේක; උඩඟුකම් කරන්නවුන්ට විපුල ප්‍රතිවිපාක දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 31:23
22 හුවමාරු යොමු  

ස්වාමීන්ට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන සේක.


ස්වාමීන්වහන්සේ තමන්ට ප්‍රේමකරන සියල්ලන් ආරක්ෂාකරනසේක; නුමුත් සියලු දුෂ්ටයන් විනාශ කරනසේක.


පොළොවේ විනිශ්චයකාරයාණෙනි, නැගුටුණ මැනව. උඩඟුවූවන්ට ප්‍රතිඵල දුන මැනව.


ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට භයවව්. මක්නිසාද උන්වහන්සේට භයවන්නන්ට කිසි හිඟයක් නැත.


ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.


ඉතින්, සහෝදරයෙනි, නුඹලා කොයි ආකාර හැසිර දෙවියන්වහන්සේ ප්‍රසන්නකරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද, නුඹලා හැසිරෙන ලෙසද, වඩ වඩා කරන මෙන් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාදකරමුව.


ඈ දුන් ලෙස ඈට ප්‍රතිඵල දී, ඇගේ ක්‍රියා හැටියට දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍රකරදුන් කුසලානෙහි දෙපංගුවක් මිශ්‍රකර ඈට දෙන්න.


සත්දෙනාම ඈ භාර්යාව කොට පාවාගත් බැවින් නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.


උන්වහන්සේ මාගේ සතුරන්ගේ නපුරට විපාක දෙනසේක. ඔබගේ සැබෑකම නිසා ඔවුන් විනාශ කළ මැනව.


උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන්ගේ පාද ආරක්ෂාකරනසේක, නුමුත් දුෂ්ටයෝ අන්ධකාරයෙහි විනාශ වන්නෝය. මක්නිසාද ශක්තිය කරණකොටගෙන කිසිවෙක් ජයනොගන්නේය.


එසේය, උන්වහන්සේ ජනයන්ට ප්‍රේම කරනසේක; ඔවුන්ගේ සියලු ශුද්ධවන්තයෝ ඔබ අතෙහිය. ඔව්හු ඔබ පාමුල හිඳ, ඔබගේ වචන පිළිගන්නෝය.


යුක්තිය අතට ගනිම් නම්, මාගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නෙමි, මට වෛරවෙන්නන්ටද ප්‍රතිඵල දෙන්නෙමි,


ඉතින් ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේමකිරීමත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත්


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද යාකොබ්ගේ සහෝදරයාදවූ යූදස් යන මා විසින් පියවූ දෙවියන්වහන්සේ තුළ ප්‍රියවූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආරක්ෂාකරනු ලබන්නාවූ, කැඳවනු ලැබූවන්ට ලියා එවන වග නම්:


ස්වාමිනි, ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුතිකරන්නෝය; ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසාකරන්නෝය.


ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද,


එසේය, නුඹ ජීවත්ව සිට වැඩිවෙන පිණිසද නුඹ හිමිකරගන්ට ඇතුල්වෙන දේශයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාද කරන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයන්ද පවත්වන්ට මම අද නුඹට අණකරමි.


මාගේ වයසේ මද්දහනේදී මට මිනීවළේ දොරටුවලට යන්ට වෙන්නේය, මාගේ ඉතිරි අවුරුදු මාගෙන් පහකර තිබේයයි කීමි.


එවිට උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට නම් මුළු ඉශ්‍රායෙල් වංශයය. අපේ ඇට වියළී අපේ බලාපොරොත්තුව නැතිවී තිබේ; අපි සහමුලින්ම සිඳදමනු ලැබීමුයයි ඔව්හු කියති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්