Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 29:8 - Sinhala Revised Old Version

8 ස්වාමීන්ගේ ශබ්දය වනාන්තරය සොලවයි; ස්වාමීන්වහන්සේ කාදෙෂ් වනාන්තරය සොලවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි; හිමි තුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි; හිමිතුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 29:8
9 හුවමාරු යොමු  

මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේගේ කෝපයේදීද උන්වහන්සේගේ තද උදහස් දවසේදීද මම අහස චංචලකරන්නෙමි, පොළොවද එහි ස්ථානයෙන් සෙලවී පහවයන්නේය.


එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පාවෙතත් භය නොවන්නෙමුව.


එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.


උන්වහන්සේ පොළොව ඒකේ ස්ථානයෙන් සොලවා හරිනසේක, ඒකේ කණුද වෙවුලන්නේය.


උන්වහන්සේගේ ශබ්දයෙන් ඒ කාලයේදී පොළොව සෙලවුණාය. නුමුත් දැන් උන්වහන්සේ: මම පොළොව පමණක් නොව ස්වර්ගයත් තව වරක් කම්පාකරවන්නෙමියි කියා පොරොන්දුවී තිබේ.


යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ට කථාකොට මෙසේ කියන්න; මම අහස සහ පොළොවත් සොලවන්නෙමි.


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ටික කලකින් තව වරක් අහස සහ පොළොවත් මුහුද සහ ගොඩත් සොලවන්නෙමි;


ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනසේක; අහසද පොළොවද සෙලවෙනවා ඇත. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට රක්ෂාස්ථානයක්ව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටිනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්