Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 22:31 - Sinhala Revised Old Version

31 ඔව්හු පැමිණ උන්වහන්සේ මෙසේ කළසේක කියා මතු උපදින සෙනඟකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නාහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 “එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 “එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමාණන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 22:31
15 හුවමාරු යොමු  

මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්,


ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරවකරන්නෝය.


කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.


මෙය මතු එන පරම්පරාව උදෙසා ලියනු ලබන්නේය. මවනු ලබන සෙනඟක්ද ස්වාමීන්ට ප්‍රශංසාකරන්නේය.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.


දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මහත් සභාවේදී ධර්මිෂ්ඨකම ප්‍රකාශ කෙළෙමි; බැලුව මැනව, මාගේ තොල් නොවලක්වන්නෙමි, ස්වාමිනි, ඔබ දන්නාසේක.


එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්