Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 22:30 - Sinhala Revised Old Version

30 වංශයක් උන්වහන්සේට මෙහෙකරන්නේය; මතු පරම්පරාවට ස්වාමීන් ගැන එපවත් කියනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මාගේ වංශය එතුමන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 මාගේ වංශය එතුමාණන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 22:30
10 හුවමාරු යොමු  

නැවතද: මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නෙමියි කියාද, ආයෙත්: මෙන්න, මමත් දෙවියන්වහන්සේ මට දුන් දරුවොත්ය කියාද කීසේක.


නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.


එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.


ඔබගේ මෙහෙකරුවන්ගේ දරුවෝ පවතින්නෝය, ඔවුන්ගේ වංශයද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේය.


ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන්ගේ නම් ලියන කල: මේ තෙමේ එහි උපන්නේයයි ගණන්ගන්නාසේක.


මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්; බලව, ඔබගේ දරුවන්ගේ පරම්පරාවට ද්‍රෝහියෙක් වෙමි.


උන්වහන්සේ සොයන්නන්ගේ, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මුහුණ සොයන්නන්ගේ පරම්පරාව මේය.


ඔව්හු එහි මහත් භයින් සිටියෝය. මක්නිසාද දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාවෙහි සිටිනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්