Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 18:48 - Sinhala Revised Old Version

48 උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාසේක. එසේය, මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස්කරනසේක. බලාත්කාරකරන්නාගෙන් මා ගළවාගන්නසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 18:48
9 හුවමාරු යොමු  

නපුරුවූ කේලාම්කාර මනුෂ්‍යයා පොළොවෙහි ස්ථිර නොවන්නේය. බලාත්කාරකරන්නා හෙළන පිණිස නපුර ලුහුබඳින්නේය.


ස්වාමිනි, දුෂ්ටයාගේ අත්වලින් මා රැකගත මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පාද නෙරපාදමන්නට සිතුවෝය,


ස්වාමිනි, නපුරු මනුෂ්‍යයාගෙන් මා ගැළෙවුව මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව.


දෙවියන්වහන්ස, උදාරම්කාරයෝ මට විරුද්ධව නැගිට සිටිති, බාලාත්කාරකරන්නන්ගේ සභාව මාගේ ප්‍රාණය සෙවීය, ඔවුන් තමුන් ඉදිරියෙහි ඔබ තබාගන නැත.


ඔහුගේ නපුරුකම ස්වකීය හිස පිටට හැරෙන්නේය, ඔහුගේ බලාත්කාරකම ස්වකීය ඉස් මුදුනෙහි වැටෙන්නේය.


එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.


ඔබට බලවත් බාහුවක් ඇත්තේය. ඔබගේ අත ශක්තිමත්ය, දකුණත උසස්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්