Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 18:43 - Sinhala Revised Old Version

43 ඔබ සෙනඟගේ විවාදවලින් මා මුදා ගත්සේක; ඔබ මා ජාතීන්ගේ ප්‍රධානියා කළසේක. මා විසින් ඇඳින නොගත් සෙනඟක් මට මෙහෙකරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක; මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක; මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 18:43
21 හුවමාරු යොමු  

බලව, නුඹ නොදන්න ජාතියක් නුඹ අඬගසාගන්නෙහිය, නුඹව නොදැන සිටි ජාතියක්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සහ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා නුඹ ළඟට දුව එනවා ඇත. මක්නිසාද උන්වහන්සේ නුඹට ගෞරවකර තිබේ.


තවද සාවුල්ගේ වංශයත් දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධය පැවතුණේය. දාවිත් වනාහි වඩ වඩා බලවත්වේගන ගියේය, නුමුත් සාවුල්ගේ වංශය වඩ වඩා බෙලහීන වේගන ගියේය.


සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි සෙනඟ විවාදකරමින්: රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා පිලිස්තිවරුන්ගේ අතින්ද ඔහුම අප ගළවාගත්තාහ; එහෙත් දැන් ඔහු අබ්සලොම් වෙතින් රටින් පලාගියේය.


වරක් නුඹලා සෙනඟක්ව සිටියේ නැත, නුමුත් දැන් දෙවියන්වහන්සේගේ සෙනඟව සිටින්නහුය; දයාව නොලැබ සිටිය නුමුත් දැන් දයාව ලැබ සිටින්නහුය.


සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත්කොට, සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළසේක.


උන්වහන්සේ ‍බොහෝ ජාතීන්ට ඉසිනවා ඇත; රජවරු උන්වහන්සේ නිසා තමුන්ගේ මුඛ වසාගන්නවා ඇත. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත, ඔවුන් නොඇසූ දේ තේරුම්ගන්නවා ඇත.


සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.


ඒ රහස එළිදරව්වීමේ හැටියටද, මාගේ ශුභාරංචියේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනාකිරීමේ හැටියටද, නුඹලා ස්ථිරකරන්ට සමර්ථවූ,


මක්නිසාද අන්‍ය ජාතීන්ගේ කීකරුවීම පිණිස වචනයෙන්ද ක්‍රියාවෙන්ද, ලකුණුවල සහ පුදුමවලත් බලයෙන්ද, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද,


නැවතත් යෙසායා: යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක; උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි කියයි.


ඉශ්‍රායෙල්ට පශ්චාත්තාපයත් පව් කමාවත් දෙන අධිපතියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස දෙවියන්වහන්සේ තමන්ගේ දකුණතින් උන්වහන්සේව උසස්කළසේක.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.


එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක.


මෝවබ් මාගේ පා සෝදන භාජනයය; ඒදොම පිට මාගේ වහන් හෙළන්නෙමි, පිලිස්තියාව සඳහා ජයඝෝෂා පවත්වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්