Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 18:39 - Sinhala Revised Old Version

39 මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ මැඩපැවැත්වූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක; මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක; මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 18:39
13 හුවමාරු යොමු  

මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක.


සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත්කොට, සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළසේක.


මට වෛරවෙන්නා මාගේ පියාණන්වහන්සේටත් වෛරවන්නේය.


අප ලුහුබඳින්නෝ අපට ඉතා ආසන්නය. අපි වෙහෙසුණෙමුව, අපට සහනයක් නැත.


ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක.


නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය; මට වෛරවෙන සියල්ලෝම මරණයට ප්‍රේමවන්නෝය.


නපුර දුෂ්ටයා නසන්නේය. ධර්මිෂ්ඨයාට ද්වේෂකරන්නෝ වරදට පත්කරනු ලබන්නෝය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා නොවේද? හැම අතින්ම උන්වහන්සේ නුඹලාට නිශ්චලකම දී තිබෙනවා නොවේද? මක්නිසාද උන්වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවාදී තිබේ; දේශය ස්වාමීන්වහන්සේට ද උන්වහන්සේගේ සෙනඟටද යටත්කරනලද්දේය.


සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.


ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද! ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත්වන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්