Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 18:18 - Sinhala Revised Old Version

18 මගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මට ආධාරවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මාගේ විපත්ති කාලයේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ; එහෙත්, සමිඳාණෝ මට සරණ වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මාගේ විපත්ති කාලයේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ; එහෙත්, සමිඳාණෝ මට සරණ වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 18:18
12 හුවමාරු යොමු  

පෙරදිග හුළඟකින් මෙන් සතුරා ඉදිරියෙන් ඔවුන් විසුරුවන්නෙමි; ඔවුන්ගේ විපත්ති දවසේදී ඔවුන්ට මුහුණ නොව පිටුපාන්නෙමියි කියන්න.


නුමුත් මම ඔබගේ ශක්තිය ගැන ගී කියන්නෙමි; එසේය, අලුයම්හි ශබ්ද නගා ඔබගේ කරුණාව වර්ණනාකරන්නෙමි. මක්නිසාද ඔබ මාගේ බලකොටුවද මාගේ විපත්ති දවසේදී මට රක්ෂා ස්ථානයක්ද වූසේක.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.


නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය.


මාගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ ආධාරය වූසේක.


දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.


ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින්ද සාවුල්ගේ අතින්ද ඔහු ගැළවූ කල ඔහු මේ ගීතිකාවේ වචන ස්වාමීන්වහන්සේට කියනුයේ:


මෙය මට ලැබුණේ මා ඔබගේ නියෝග රක්ෂාකළ නිසාය.


මම විපත්ති මැද හැසිරෙම් නුමුත් ඔබ මා ප්‍රාණවත්කරනසේක; ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධව ඔබගේ හස්තයද දිගුකරනසේක, ඔබගේ දකුණු හස්තයද මා ගළවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්