Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 150:5 - Sinhala Revised Old Version

5 මහත් ශබ්ද දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්. උස් රැව් දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමන් පසසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමාණෝ පසසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 150:5
9 හුවමාරු යොමු  

තවද දාවිත් කුඩා වීණාද මහ වීණාද අත්තල්ද යන තූර්ය භාණ්ඩවලින් ගායනාකරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමුන්ගේ සහෝදරයන්වූ ගීතිකාකාරයන් නියමකරන්ට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේය.


තවද දාවිත්ද සේනාවේ අධිපතියෝද ආසාප්ගෙත් හේමාන්ගෙත් යෙදූතුන්ගෙත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණාවලින්ද අත්තල්වලින්ද ගායනාකරන තැනැත්තන් සේවයට වෙන්කළෝය. තමුන්ගේ සේවයේ වැඩය කළාවූ ඒ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:


මේ සියල්ලෝ දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවය පිණිස අත්තල්වලින්ද කුඩා වීණාවලින්ද මහ වීණාවලින්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගායනාකිරීමට තමුන්ගේ පියා යටතේ සිටියෝය; ආසාප්ද යෙදූතුන්ද හේමාන්ද රජු යටතේ සිටියෝය.


මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.


හේමාන්ද ආසාප්ද ඒතාන්ද යන ගායනාකාරයෝ පිත්තල අත්තල්වලින් ශබ්දකිරීමටත්;


එනම් ප්‍රධානියා ආසාප්ය, ඔහු ළඟට ශෙකරියා, යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලීයාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ය; මොව්හු වීණාවලින්ද මහ වීණාවලින්ද ගායනාකළෝය; නුමුත් ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්තුවේය;


දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.


දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද ගීතිකාවලිනුත් වීණාවලිනුත් කුඩා වීණාවලිනුත් රබන්වලිනුත් අත්තල්වලිනුත් නළාවලිනුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගායනාකළෝය.


එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්