Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 144:10 - Sinhala Revised Old Version

10 රජුන්ට ගැළවීම දෙන්නෙත් ස්වකීය මෙහෙකරුවූ දාවිත් හිංසා කරන කඩුවෙන් මුදාගන්නෙත් උන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 144:10
12 හුවමාරු යොමු  

උන්වහන්සේ තමන් රජහට මහත් ගැළවීම දෙනසේක; තමන්ගේ අභිෂේකලත් තැනැත්තා වන දාවිත්ටත් ඔහුගේ වංශයටත් සදාකල් කරුණාව පෙන්වනසේක.


මාගේ ගැළවීමේ ශක්තියවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, යුද්ධ දවසේදී ඔබ මාගේ හිස වැසූසේක.


සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ සිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය.


ඔබගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔබගේ අභිෂේකලත් නැනැත්තාගේ මුහුණ ඉවත් නොකළ මැනව.


ස්වාමිනි, දුෂ්ටයාගේ ආශාව ඉෂ්ට නොකළ මැනව; ඔහුගේ නපුරු උපා දියුණු නොකළ මැනව; කළහොත් ඔව්හු උඩඟු වන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්