Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 144:1 - Sinhala Revised Old Version

1 යුද්ධයට මාගේ අත්ද සටනට මාගේ ඇඟිලිද පුරුදුකරවන්නාවූ මාගේ පර්වතයවූ ස්වාමීන්ට ප්‍රශංසා වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මාගේ පර්වතය වන සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 144:1
16 හුවමාරු යොමු  

උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති.


ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.


උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුහුණුකරන සේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමන්නේය.


(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)


ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ උන්වහන්සේ වෙතට එන්නෝය, උන්වහන්සේ කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය.


දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව. මක්නිසාද අපේ එදිරිකාරයන් පාගා දමන්නේ උන්වහන්සේමය.


මක්නිසාද ස්වාමීන් හැර දෙවිකෙනෙක් කවුද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද?


එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.


මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව. මා ගළවන්ට ඔබ අණ දී තිබේ; මක්නිසාද මාගේ පර්වතය හා බලකොටුවත් ඔබය.


ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.


එලිෂා: නුඹේ අත දුන්න පිට තබන්නැයි ඉශ්‍රායෙල් රජුට කීවේය. ඔහු තමාගේ අත තැබුවේය. එවිට එලිෂා තමාගේ අත් රජුගේ අත් පිට තබා:


ප්‍රශංසා ලැබිය යුතුවූ ස්වාමීන්ට හඬගසන්නෙමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නෙමි.


තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක. ඔබගේ දකුණත මා දැරුවේය, ඔබගේ මෘදුකම මා උසස්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්