Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 135:12 - Sinhala Revised Old Version

12 ඔවුන්ගේ දේශය උරුමයක් පිණිස, ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල්ට උරුමයක් පිණිස, දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔවුන්ගේ දේශය උරුම කොට, ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්ට උරුම කොට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔවුන්ගේ දේශය උරුම කොට, ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්ට උරුම කොට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 135:12
7 හුවමාරු යොමු  

ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.


බස්නාහිරට යොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතෙහි තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නගින මාර්ගයෙහි හලක් කන්ද දක්වා යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහර දුන්නාවූ, යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවලට ඔවුන්ගේ බෙදීම්වල හැටියට උරුමයක් කොට දුන්නාවූ දේශයේ රජවරු මොව්හුය:


මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී සියල්ල ලෙස යෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර බෙදීම්වල හැටියට ඒක ඔවුන්ට උරුමයක් කොට දුන්නේය. එවිට යුද්ධය නැවතී දේශය නිශ්චලවිය.


ඔවුන්ගේ දේශය අල්ලාගෙන, රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අන්ධගෝත්‍රයටද එය උරුමයක් කොට දුනිමුව.


පසඇට දැමීමෙන් නුඹලාගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; නුඹලාගේ පිය ගෝත්‍රවල හැටියට උරුමකරගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්