Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 122:5 - Sinhala Revised Old Version

5 මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 122:5
6 හුවමාරු යොමු  

නුඹේ දොරටු ඇතුළෙහි හටගන්න නඩුවලින් ලේ සහ ලේ අතරේද පැමිණිල්ල සහ පැමිණිල්ල අතරේද පහර සහ පහර අතරේද විනිශ්චයකරන්ට යම් කාරණයක් නුඹට අමාරු වැඩි නම්, නුඹ නැගිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයට ගොස්,


තවද යෙහෝෂාපාට් ලෙවීවරුන්ගෙන්ද පූජකයන්ගෙන්ද ඉශ්‍රායෙල් පියවංශවල ප්‍රධානීන්ගෙන්ද සමහරෙකුන් ස්වාමීන්වහන්සේගේ විනිශ්චය උදෙසාත් පැමිණිලි උදෙසාත් යෙරුසලමෙහි සිටෙවුවේය. ඔව්හු යෙරුසලමට හැරී ආවෝය.


රෙහොබොවම් වනාහි මයකාගේ පුත්‍රවූ අබියා රජකමට පත්කරන්නට සිතා ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත්කෙළේය.


යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.


ඔහු තමාගේ රාජ්‍යයෙහි සිංහාසනය පිට හිඳින කල, ලෙවීවරුන් වන පූජකයන් ඉදිරියෙහි තිබෙන පොතේ හැටියට ඔහු මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියා,


ඔහු විනිශ්චයකරන පිණිස සිංහාසනයේ ශාලාව වන අධිකරණ ශාලාවත් සෑදුවේය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලීවලින් වසන ලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්