Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:86 - Sinhala Revised Old Version

86 ඔබගේ ආඥා සියල්ල විශ්වාස කටයුතුය. ඔව්හු අයුතුලෙස මට පීඩාකෙරෙති; මට පිහිටවුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

86 ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

86 ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:86
17 හුවමාරු යොමු  

නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; දෙවියන්වහන්ස, මා වෙතට ඉක්මනින් අවමැනව. මාගේ පිහිටත් මිදුම්කාරයාණොත් ඔබය. ස්වාමිනි, පමා නූන මැනව.


මට සතුරුව සිටින්නෝ අයුත්තේ මා ගැන ප්‍රීතිමත් නොවෙත්වා. නිෂ්කාරණයේ මට වෛරවන්නෝ ඇස ඉඟි නොකෙරෙත්වා.


උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා. නුමුත් මම ඔබගේ නියෝග භාවනා කරන්නෙමි.


මාගේ දෙවිවූ ස්වාමිනි, මට පිහිටවුව මැනව; ඔබගේ කරුණාව ප්‍රකාර මා ගැළෙවුව මැනව.


මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය.


එබැවින් ව්‍යවස්ථාව ශුද්ධය, ආඥාවද ශුද්ධය, ධර්මිෂ්ඨය, යහපත්ය.


ස්වාමිනි, ඔබ ළංව සිටිනසේක; ඔබගේ සියලු ආඥා සත්‍යයය.


ඔබ ධර්මිෂ්ඨකමින්ද මහත් විශ්වාසකමින්ද ඔබගේ ශික්ෂා නියමකළසේක.


එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි; සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.


යහපතට නපුර කිරීම යුතුද? මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. ඔවුන් කෙරෙන් ඔබගේ කෝපය පහකරන පිණිස ඔවුන් වෙනුවට යහපත කථාකරන්ට මා ඔබ ඉදිරියෙහි සිටිය බව සිහිකළ මැනව.


ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක්ය, ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය.


ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය.


ස්වාමිනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව. සැඟවෙන පිණිස ඔබ වෙතට පලාඑමි.


නුමුත් මාගේ සතුරෝ ප්‍රාණවත් වෙති, බලවත්වෙති. අයුතුලෙස මට වෛරවන්නෝද වැඩිවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්