Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:26 - Sinhala Revised Old Version

26 මාගේ මාර්ග කියාදුනිමි, ඔබ මට උත්තරදුන්සේක. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පනත් මට ඉගැන්නුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:26
15 හුවමාරු යොමු  

ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව.


ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.


ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; මාගේ සතුරන් නිසා සමතලා මාර්ගයෙක්හි මා ගෙනගිය මැනව.


මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


ස්වාමිනි, ඔබ ප්‍රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.


මක්නිසාද මාගේ අයුතුකම කියාදෙමි; මාගේ පාපය නිසා දුක්වෙමි.


ඔබ ස්වර්ගයේ සිට අසා ඔවුන් විසින් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නාදුන් කල, ඔබගේ මෙහෙකරුවන්ගේත් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගේත් පාපයට කමාවී, උරුමයක් කොට ඔබගේ සෙනඟට ඔබ දී තිබෙන ඔබගේ දේශයට වර්ෂාව දුන මැනව.


ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.


ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය.


අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය.


නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියාවූ හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුලු දුටිමි. බලව, මම නුඹ සුවපත්කරන්නෙමි. තුන්වෙනි දින නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්