Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:155 - Sinhala Revised Old Version

155 ගැළවීම දුෂ්ටයන්ගෙන් දුරය; මක්නිසාද ඔව්හු ඔබගේ පනත් නොසොයති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

155 දුදනන් හට ගැළවීමක් නැත; ඔව්හු ඔබේ පණත් නොසලකති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

155 දුදනන් හට ගැළවීමක් නැත; ඔව්හු ඔබේ පනත් නොසලකති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:155
11 හුවමාරු යොමු  

ඔහුගේ දරුවෝ සුරක්ෂිතකමෙන් දුරුව සිටිති, ඔව්හු දොරටුවේදී පොඩිකරනු ලබති, ඔවුන් ගළවන්ට කිසිවෙක්ද නැත්තේය.


තේරුම්ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත;


මොරගසා: පියවූ ආබ්‍රහම්. මට කරුණාකොට, තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා, මාගේ දිව සිසිල්කරන්ට ලාසරුස් එවුව මැනව; මක්නිසාද මම මේ ගිනිදැලෙහි වේදනා විඳිමියි කීවේය.


මම තොල්වල ඵල උපදවමි. දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය වේවා, සමාදානය වේවා; මම ඔහු සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ධර්මිෂ්ඨකමින් ඈත්ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මාගේ වචන අසන්න.


ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.


මක්නිසාද ඔබ පීඩිතවූ සෙනඟ ගළවනසේක; නුමුත් උඩඟු ඇස් පහත්කරනසේක.


දුෂ්ටයා අහංකාරයෙන් කථාකොට: උන්වහන්සේ පළි නොගන්නසේකැයි කියයි. දෙවිකෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතිවිල්ල වේ.


අපි සියල්ලෝම වලසුන් මෙන් ගොරවමුව, කොබෙයියන් මෙන් කෙඳිරිගාමුව. අපි විනිශ්චය ගැන බලාසිටිමුව, නුමුත් එය එන්නේ නැත; ගැළවීම ගැන බලා සිටිමුව, නුමුත් එය අපෙන් දුරව තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්