Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 111:3 - Sinhala Revised Old Version

3 උන්වහන්සේගේ ක්‍රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමන්ගේ දැහැමිකම සදාතන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එතුමාණන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමාණන්ගේ දැහැමිකම සදාතන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 111:3
17 හුවමාරු යොමු  

එසේ කළේ අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ විසින් අභිප්‍රායකරනලද සදාකාල අභිප්‍රායේ ප්‍රකාරයට,


ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක්ය, ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය.


මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය.


නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.


අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.


ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?


වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.


ස්වාමීන්වහන්සේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය.


ඔබගේ ශික්ෂා සදාකාලේටම ධර්මිෂ්ඨය. මා ජීවත්වන පිණිස මට නුවණ දුන මැනව.


ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.


සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්