Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 109:17 - Sinhala Revised Old Version

17 එසේය, ශාපකිරීමට ඔහු ප්‍රියවිය, ඒක ඔහුට පැමුණුණේය; ඔහු ආශීර්වාදකිරීමට ප්‍රිය නොවීය, ඒක ඔහුගෙන් දුරුව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය; ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා! ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය; ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා! ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 109:17
9 හුවමාරු යොමු  

මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.


සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.


මා ජීවමාන බව සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: මම නුඹ ලෙයට සූදානම්කරන්නෙමි, ලේද නුඹ පස්සේ එළවාගෙන එනවා ඇත. නුඹ ලේ වැගිරවීමට ද්වේෂ නොකළ බැවින්, ලේ එළවාගෙන එනවා ඇත.


ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගතවක්තෘවරුන්ගේද ලේ වැගිරෙවු බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසුයයි කියනවා මට ඇසුණේය.


මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක්වෙමියි ඔහු කීවේය. උන්වහන්සේද: නුඹ ගොස් ඔහු පොළඹවා සඵලවන්නෙහිය. ගොස් එසේ කරන්නැයි කීසේක.


සිත් දැඩිකම වන ඔබගේ ශාපය ඔබ ඔවුන්ට දෙනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්