Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 107:7 - Sinhala Revised Old Version

7 වාසයකිරීමට යෝග්‍යවූ නුවරකට පැමිණෙන පිණිස උන්වහන්සේ හරි මගකින් ඔවුන් ගෙනගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 107:7
26 හුවමාරු යොමු  

ඔවුන් ඇඬීමද කන්නලව්ද ඇතුව එනවා ඇත, එලෙස ඔවුන් ගෙනෙන්නෙමි. වතුර ඔයවල් ළඟටද නොපැකිලෙන්නාවූ ඇද නැති මාර්ගයකද ඔවුන් ගෙනයන්නෙමි. මක්නිසාද මම ඉශ්‍රායෙල්ට පියකෙනෙක් වී සිටිමි, එප්‍රායිම්ද මාගේ කුලුඳුලාය. ‍‍‍


නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,


ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැළක් මෙන් ඔබගේ සෙනඟ ගෙනගියසේක.


ඔව්හු හරි මාර්ගය අත්හැර, අයුතුකමේ කුලියට කැමතිවූ බෙයොර්ගේ පුත්‍රවූ බාලාම්ගේ මාර්ගය අනුව මුළාව ගියෝය;


නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.


නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.


බඩගිනිවූවන් විසින් වාසයට යෝග්‍යවූ නුවරක් සාදන පිණිසත්, කෙත් වපුරා, මිදිවතු වවා,


ඔව්හු වනාන්තරයෙහි කාන්තාර මාර්ගයක මුළාව ගියෝය; වාසයට නුවරක් නොලැබුවෝය.


නුමුත් උන්වහන්සේ ස්වකීය සෙනඟ බැටළුවන් මෙන් පිටතට ගෙනගොස්, බැටළු රැළක් මෙන් වනාන්තරයේදී ඔවුන්ට මගපෙන්වූසේක.


යූදාහි නුවරවල ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද තමුන්ගේ නුවරවල තිබුණු තම තමුන්ගේ උරුමවල වාසයකළෝය. යෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොව්හුය.


මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරීයනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය.


එතැන්හි යූදා සහ එහි සියලු නුවරවල මනුෂ්‍යයෝද ගොවියෝද සිවුපා රැළ කැටුව යන්නෝද එක්ව වාසයකරන්නෝය.


නුඹලා මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඔව්හු: අපි එහි නොයන්නෙමුයයි කීවෝය.


නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.


ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


වලාකුළ දෙදවසක් හෝ මසක් හෝ අවුරුද්දක් හෝ මණ්ඩපය පිට නැවතී තිබුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකර තමුන්ගේ කූඩාරම්වල නැවතී සිටියෝය. නුමුත් එය ඔසවනු ලැබූ කල ඔව්හු ගමන් කළෝය.


මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්