Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 107:25 - Sinhala Revised Old Version

25 මක්නිසාද උන්වහන්සේ අණකොට, එහි රැළ නංවන්නාවූ තද කුණාටුව හටගන්වනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 107:25
9 හුවමාරු යොමු  

නුමුත් ස්වාමීන්වහන්සේ තද හුළඟක් මුහුද පිටට පැමිණෙවුසේක, එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්ට ළංවිය.


බලව, ඔරුව රැළවලින් වැසී යන තරම් මුහුදේ මහත් කුණාටුවක් විය. උන්වහන්සේ නිදා හුන්සේක.


ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, උන්වහන්සේගේ ආඥාව ඉෂ්ටකරන මාරුතයෙනි,


උන්වහන්සේ කථාකළසේක, පළඟැටියෝද අසංඛ්‍ය ගණන් දළඹුවෝද අවුත්,


ස්වාමිනි, ජල ධාරාවෝ නැගුණෝය, ජල ධාරාවෝ ශබ්දනැගුවෝය; ජල ධාරාවෝ රැළ නඟිති.


තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය.


උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.


උන්වහන්සේ කථාකළසේක, එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලෙහි කිනිතුල්ලෝද පිරුණෝය.


එකල නැව්කාරයෝ භයව, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගසා, නැව සැහැල්ලුකරගැනීමට එහි තිබුණු බඩු මුහුදේ දැමුවෝය. එහෙත් යෝනා නැවේ ඇතුළට බැස හාන්සිවී තද නින්දට පැමිණ හුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්