Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 106:6 - Sinhala Revised Old Version

6 අපි අපේ පියවරුන් හා සමඟ පව්කෙළෙමුව. අයුතුකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියාකෙළෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 අපි අපේ පියවරුන් මෙන් පව් කෙළෙමු; නපුරුකම් කෙළෙමු; දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අපි අපේ පියවරුන් මෙන් පව් කෙළෙමු; නපුරුකම් කෙළෙමු; දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:6
14 හුවමාරු යොමු  

නුමුත් ඔව්හුද අපේ පියවරුද උඩඟුකම්කර, තමුන්ගේ කුළල් තදකරගන, ඔබගේ ආඥාවන්ට ඇහුම්කන්නොදී සිටියෝය.


මුරණ්ඩු කැරළිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟකර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් නොවන පිණිසත්ය.


ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතට ගෙන හැරී ඔවුන් වාලට ගත් අයගේ දේශයේදී ඔබට කන්නලව් කොට: අපි පව් කෙළෙමුව, හිතුවක්කාරකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියා කෙළෙමුයයි කියමින්,


එවිට ඔවුන් මට විරුද්ධව කළ ද්‍රෝහිකමෙන් වුණාවූ තමුන්ගේ අයුතුකමද, තමුන්ගේ පියවරුන්ගේ අයුතුකමද, ඔවුන් මට විරුද්ධව හැසුරුණු නිසා,


නුඹලාත් නුඹලාගේ පියවරුන්ගේ මිම්ම පූර්ණකරන්න.


අපේ ලජ්ජාවෙහි අපි වැටී ඉඳිමු, අපේ නින්දාවද අප වසාගනීවා. මක්නිසාද අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපිද අපේ පියවරුද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුව.


අපි ඔබට විරුද්ධව ඉතා දූෂ්‍ය ලෙස ක්‍රියාකෙළෙමුව, ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ ආඥාද පනත්ද විනිශ්චයන්ද රක්ෂානොකෙළෙමුව.


දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය.


එබැවින් අපේ දෙවියන්වහන්ස, මෙසේ වූ කල්හි අපි කුමක් කියමුද? මක්නිසාද ඔබගේ මෙහෙකරුවන්වූ ප්‍රොපේතවරුන් ලවා ඔබ අණකෙරෙවු ඔබගේ ආඥාවන් අපි අත්ඇරියෙමුව.


ස්වාමීන්වහන්ස, අපේ දුෂ්ටකමත් අපේ පියවරුන්ගේ අපරාධකමත් කියාදෙමුව. මක්නිසාද අපි ඔබට විරුද්ධව පව්කෙළෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්