Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 106:40 - Sinhala Revised Old Version

40 එබැවින් ස්වාමීන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ තමන් උරුමය පිළිකුල්කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 එබැවින් සමිඳුන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ තමන් උරුම කරගත් දේශය පිළිකුල් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 එබැවින් සමිඳුන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ තමන් උරුම කරගත් දේශය පිළිකුල් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:40
14 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.


නුමුත් මොවුන් ඔබගේ මහත් බලයෙන්ද දිගු කළ ඔබගේ බාහුවෙන්ද ඔබ විසින් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්යයි කීවෙමි.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ, මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුෂන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙකළෝය.


ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ: මේ ජාතිය මාගේ හඬට ඇහුම්කන්නොදී මා විසින් ඔවුන්ගේ පියවරුන්ට අණකළ මාගේ ගිවිසුම කඩකළ බැවින්,


ස්වාමීන්වහන්සේ ඒ දැක, තමන් පුත්‍රයන්ගේද දූවරුන්ගේද කෝප ඉපදවීම නිසා ඔවුන් එපා කළසේක.


එක මාසයකදී එඬේරුන් තුන්දෙනා සිඳදැමීමි; මක්නිසාද මාගේ ආත්මය ඔවුන් ගැන වෙහෙසට පත්විය, ඔවුන්ගේ ආත්මයද මට පිළිකුල්කෙළේය.


ස්වාමීන්වහන්සේ තමන් පූජාසනය අහකදැමූසේක, තමන් ශුද්ධස්ථානය පිළිකුල්කළසේක, ඇගේ මාළිගාවල පවුරු සතුරා අතට පාවාදුන්සේක. මංගල්‍ය දවසකදී මෙන් ඔව්හු ස්වාමීන්වහන්සේ ගෘහයෙහි ශබ්ද පැවැත්තුවෝය.


දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?


නුඹලා ඉදිරියෙන් මා විසින් පහකරනු ලබන සෙනඟගේ සිරිත් ප්‍රකාරයට නොහැසිරෙන්න. මක්නිසාද ඔවුන් මේ සියලු දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල්කෙළෙමි.


මම නුඹලාගේ උස් තැන් විනාශකොට, නුඹලාගේ සූර්ය රූප සිඳදමා, නුඹලාගේ දේවරූප කැබලි පිට නුඹලාගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද නුඹලා පිළිකුල් කරන්නේය.


හදද් කළ අනතුර ඇර ඔහුද සාලමොන්ගේ සියලු දවස්වල ඉශ්‍රායෙල්වරුන්ට සතුරෙක්ව සිට, ඉශ්‍රායෙල්වරුන් පිළිකුල්කොට, සිරිය රට කෙරෙහි රජකම්කෙළේය.


මාගේ ගෘහය අත්හැරියෙමි, මාගේ උරුමය පහකර දැමීමි; මාගේ ආත්මයේ ප්‍රේමවන්තිය ඇගේ සතුරන් අතට භාර දුනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්