Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 106:38 - Sinhala Revised Old Version

38 ඔව්හු නිදොස් ලේ, එනම් කානාන්හි රූපවලට පූජාකරනු ලැබූ තමුන්ගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ලේ වැගිරෙවුවෝය; දේශයද ලෙයින් දූෂණය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 ඔව්හු තම දූ පුතුන්ගේ නිදොස් ලේ වැගිරෙව්වෝ ය; ඒ දූ දරුවෝ කානානි රූපවලට යාගකරනු ලැබුවෝ ය; දේශය ද ඒ ලෙයින් දූෂණය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 ඔව්හු තම දූ පුතුන්ගේ නිදොස් ලේ වැගිරෙව්වෝ ය; ඒ දූ දරුවෝ කානානි රූපවලට යාගකරනු ලැබුවෝ ය; දේශය ද ඒ ලෙයින් දූෂණය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:38
15 හුවමාරු යොමු  

එසේ නුඹලා වසන දේශය දූෂ්‍ය නොකරන්න. මක්නිසාද ලේ වැගිරීමෙන් දේශය පිළිකුල්වෙයි. තවද ලේ වැගිරෙවු තැනැත්තාගේ ලෙයින් මිස එහි වගුරුවනලද ලෙයේ දෝෂයෙන් දේශය මිදිය නොහැකිය.


මක්නිසාද මෙන්න, ස්වාමීන්වහන්සේ, පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.


තවද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරන ලෙස එසේ යූදාට පව්කරන්ට සැලැස්වීමෙන් ඔහු විසින් කළ පාපය හැර, ඔහු යෙරුසලම එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝකොට වැගිරවිය.


මෙසේ නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කිරීමෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය නුඹලා අතරෙන් පහකළ යුතුය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ වනාහි එහි කාලය පැමිණෙන පිණිස එහි මැද ලේ වගුරුවන්නාවූද එය අපවිත්‍රවන පිණිස තමාටම විරුද්ධව දේවරූප සාදාගන්නාවූද නුවරක්ය!


මක්නිසාද දේශය මිනීමැරීමේ අපරාධයෙන් පිරී තිබේ, නුවරත් බලාත්කාරයෙන් පිරී තිබේ.


තවද නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ නුඹේ වස්ත්‍ර කොන්වල සම්බවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිට එය තිබෙනවා මට සම්බවිය.


පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.


නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.


ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත්ය; මක්නිසාද ඔහු නිදොස් ලේවලින් යෙරුසලම පිරෙවුවේය. ස්වාමීන්වහන්සේද කමාවෙන්ට නොකැමැතිවූසේක.


නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.


දේශයද කිලුටුවී තිබේ. ඒ නිසා එහි අයුතුකම ඒ පිටට පමුණුවන්නෙමි, දේශයද එහි වැසියන් වමාරා දමන්නීය.


ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගිනි මැදින් යවා පූජාකළෝය, පේනකීමද ශාස්ත්‍රබැලීමද භාවිතාකළෝය, ස්වාමීන්වහන්සේ උදහස්කරවන ලෙස උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කිරීමටද භාරවුණේය.


මක්නිසාද ඔවුන් මා අත්හැර, මේ ස්ථානය අන්‍ය එකක් කර, ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් යූදාහි රජුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පුකර, නිර්දෝෂයන්ගේ ලේවලින් මේ ස්ථානය පුරවා තිබේ.


තවද මා නිසා නුඹ වැදූ නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද නුඹ රැගෙන විනාශවීමට ඔවුන් ඒවාට පූජාකෙළෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්