Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 106:33 - Sinhala Revised Old Version

33 මක්නිසාද ඔව්හු ඔහුගේ ආත්මයට විරුද්ධව කැරළිගැසුවෝය, ඔහුද තමාගේ කටින් අවිචාරයෙන් කථාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 එසේ වූයේ, ඔවුන් ඔහුගේ සිත අතිශයෙන් රිදවූ නිසා, ඔහු සිය මුවින් අනුවණ ලෙස කතා කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 එසේ වූයේ, ඔවුන් ඔහුගේ සිත අතිශයෙන් රිදවූ නිසා, ඔහු සිය මුවින් අනුවණ ලෙස කතා කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:33
12 හුවමාරු යොමු  

මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.


කුමක් හෙයින්ද ඔව්හු දෙවියන්වහන්සේගේ වචනවලට විරුද්ධව කැරළිගසා, මහෝත්තමයාණන්ගේ මන්ත්‍රණය හෙළාදැක්කෝය.


කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද!


මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.


ස්වාමිනි, මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂාකළ මැනව.


එහෙත් ඔහු ඈට කථාකොට: නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.


අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?


තමා යාකොබ්ට දරුවන් බිහිනොකළ බව රාඛෙල් දුටු කල ඇගේ සහෝදරීට ඊර්ෂ්‍යාකොට: මට දරුවන් දෙන්න, නැතහොත් මම නසිමියි යාකොබ්ට කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්