Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 106:2 - Sinhala Revised Old Version

2 ස්වාමීන්ගේ බලවත් ක්‍රියා කියන්ටත් උන්වහන්සේගේ සියලු ප්‍රශංසාව ප්‍රකාශකරන්ටත් කාට පුළුවන්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමාණන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:2
9 හුවමාරු යොමු  

අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය.


අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!


දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස සියලු ශුද්ධවන්තයන් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන,


මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.


මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.


සොයා දැනගන්ට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ කරනසේක.


පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්