6 උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහිකරව්.
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.
නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.
නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්‍රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්‍රයාවූ ආබ්‍රහම්ගේ වංශය,
පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ටම යාකොබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඉශ්‍රායෙල්ද තෝරාගත්සේක.
ස්වාමිනි, ඔබගේ සෙනඟ කෙරෙහි පවත්වන කරුණාවෙන් මා සිහිකළමැනව; ඔබගේ ගැළවීම මට ගෙනදුන මැනව.
මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වචනයද තමන් මෙහෙකරුවූ ආබ්‍රහම්ද සිහිකළසේක.
උන්වහන්සේ තව දුරටත්: මම නුඹේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. මෝසෙස් තමාගේ මුහුණ වසාගත්තේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ දෙස බලන්ට භයවිය.
උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.
ස්වකීය මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට එය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
මාගේ මෙහෙකරුවූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඉශ්‍රායෙල් නිසාත් නුඹේ නම කියා කැඳවීමි. නුඹ මා නෑඳින්න නුමුත් නුඹට නමක් තැබීමි.